විදේශයේ සිට දිවයිනට එන ලාංකිකයින්ට රජයෙන් නිවේදනයක්!

විදේශයේ සිට දිවයිනට එන ලාංකිකයින්ට රජයෙන් නිවේදනයක්!

විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නේ යැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය 23 වෙනි දින පැවති මාදය හමුවක් අමතමිනි. යුද හමුදාපතිවරයා ඒ පිළිබඳව මෙසේ ද පැවසීය

“අද දිනයේදීත් විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන් 1100 ක් පමණ පැමිණීමට නියමිතයි. විදේශවල සිට එන අයගෙන් වැඩි සංඛ්‍යාවක් රෝගීන් ලෙස හදුනාගන්නවා. විදේශවල සිට ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ඇතැමුන් අපිට දොස් කියනවා. නමුත් අපි එය නවතා නෑ.

විදේශවල සිට එන අයගේ නිරෝධායන කාලය දින හත් දහයක් අතරට අඩු කරලා තිබුණා. මේ තත්වය යටතේ නැවතත් නිරෝධායන කාලය දින 14 දක්වා වැඩි කරනවා. සෞඛ්‍ය නිලධාරීන් එය නිවේදනය කරයි”