විදේශ සේවා ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසෙයි

විදේශ සේවා ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වැසෙයි
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය හෙට (27) සහ අනිද්දා (28) යන දිනයන් හිදි වසා දැමීමට තීරණය   කර තිබෙන බව වාර්තා වේ.
 
කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයිවිදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
 
කෙසේ වෙතත් යමෙකුට මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් 1989 යන ක්ෂණික දුරකථන අංකයට ඇමතීමෙන් විස්තර දැන ගැනීමට හැකියාව පවතින බවත් කාර්යාංශය දැනුම්දෙයි.