සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන නිවේදනයක්!

සංචාරකයින් හා විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ගැන නිවේදනයක්!
රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් සංචාරකයින් සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් යම් වෙනසක් සිදු කිරිමට අවශ්‍ය වන්නේ නම් , බලධාරින් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම  ප්‍රකාශ කර තිබේ.
 
එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා සඳහන් කළේ, ගෝලීය වශයෙන් මෙන්ම මෙරට ව්‍යාප්ත වන කොවිඩ් වසංගතය සැලකිල්ලට ගනිමින් ඉදිරි පියවර ගන්නා බවය.
 

සංචාරකයින් සහ විදෙස්ගත ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.