ලංකාවේ සිට ඉතාලියට එන අයට තහනමක්

ලංකාවේ සිට ඉතාලියට එන අයට තහනමක්
ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට පැමිණෙන සියලු දෙනාට එරටට ඇතුළු වීම තහනම් කර තිබෙන බව වාර්තා වේ.
 
ඉන්දියාවේ වත්මන් කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන තිබෙන අතර බංගලාදේශය හා ශ්‍රී ලංකාවෙන් මෑතකදී ඉතාලියට  පැමිණි පුද්ගලයින්ගේ නිරෝධායන ක්‍රියාවලියද දැඩි කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
 
අප්‍රේල් 29 වෙනි දින නිකුත්කරන ලද නව නීතිවලට අනුව මෙලෙස ඉහළ යන ආසාදන හා වේගයෙන් ව්‍යාප්ත වන නව ප්‍රභේදයකට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් බංග්ලාදේශයට සහ ශ්‍රී ලංකාවට පැමිණීම ඉතාලිය විසින් තහනම් කර ඇත.
 
නව නීතිරීති යටතේ, ඉතාලියේ ස්ථිරව ජීවත් වන ඉතාලි පුරවැසියන්ට පමණක් රටට ඇතුළුවීමට අවසර ලැබෙන අතර මීට පෙර ඉතාලියේ පදිංචිව සිටි විදේශිකයන්ට ද ආපසු යාමට අවසර ලැබෙනු ඇත.