
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගොස් සිටියදී ඝාතනයට ලක්වූ මෙරට කාන්තාවගේ මළ සිරුර ඊයේ (09) මෙරටට ගෙනවිත් තිබෙනවා.
කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ඊයේ මෙම මෘත ශරීරය රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි මෙම කාන්තාව 2019 වසරේ සිට ගෘහ සේවිකාවක් ලෙස කුවේට් රාජ්‍යය සේවය කර තිබෙනවා.
ඉන් අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේ 13 වනදා ඉතියෝපියානු ජාතික ගෘහ සේවිකාවක් විසින් මෙම කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇති බව සිදුකර මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
මෘත ශරීරය ඉදිරියේදී ඥාතීන්ට භාර දීමට නියමිත අතර ඒ සම්බන්ධ වන පශ්චාත් මරණ පරීක්ෂණය අද දිනයේදී මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කිරීමට නියමිතයි.