එක්සත් අරාබි එමීරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්

එක්සත් අරාබි එමීරයෙන් ශ්‍රී ලංකාවට සංචාරක තහනමක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යය ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල සිට සංචාරකයින් පැමිණීම අත්හිටුවා තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එමීරයේ ජාතික හදිසි අර්බූද හා ආපදා කළමනාකරණ අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම සංචාරක තහනම ලබන 12 වනදා සිට බලපැවැත්වෙන බවයි.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය කොරෝනා වෛරස ව්‍යාප්තිය පැතිරයාම පාලනය කිරීමේ පූර්ව සූදානමක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරවැසියන්, එකී රටවල රාජ්‍ය තාන්ත්‍රික දූත නිලධාරීන්, ව්‍යාපාරික ගුවන් ගුවන් ගමන්වල නිරත පිරිස්   ඇතුළු සුවිශේෂි කණ්ඩායම් කිහිපයක්  මෙම නව නීතියෙන් නිදහස්  වූ නමුත් එලෙස නිදහස් කර ඇති අය දින 10 ක් නිරෝධායනය වියයුතු අතර ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයකට භාජනය විය යුතු බව සඳහන්.
 
එමෙන්ම රට තුළට ඇතුළු වී සිව් වන හෝ 8 වන දිනවලදී තවදුරටත් PCR පරීක්ෂණවලට ද භාජනය විය යුතු යි.