විදේශිකයින්ට සෞදි අරාබියේ දොරටු ඇරෙයි

විදේශිකයින්ට සෞදි අරාබියේ දොරටු ඇරෙයි
සෞදි අරාබියේ සංචාරය කිරීම සඳහා විදේශිකයින්ට අවසර ලබා දීමට සෞදි රජය ඉදිරියේදී කටයුතු කරන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව කොවිඩ් 19 එන්නත සම්පූර්ණයෙන්ම ලබාගෙන තිබෙන හා මෑතකදී පූර්ණ සුවය ලැබූ විදේශිකයින්ට රජයේ හෝටල්වල නිරෝධායනය වී අ තවදුරටත් අවශ්‍ය නොවෙන බවයි සෞදි රජය විසින් නිවේදනය කර ඇත්තේ.
 
දැනට සේවයේ යෙදී සිටින විදේශික ශ්‍රමිකයින්ට ,රජයේ සහ ව්‍යාපාරික සංචාරකයින්ට, මිතුරන් හා පවුලේ අය බැලීමට සෞදියට පැමිණෙන විදේශිකයින්ට මෙම නව ක්‍රියාමාර්ගය අදාළවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
 
එහිදී විදේශීය සංචාරකයින්ට මෙම ක්‍රියාමාර්ගය අදාළ නොවෙන බවත් සඳහන්.
 
කෙසේ වෙතත් මේ වසරේදී විදේශීය සංචාරකයින්ට සෞදි අරාබිය නැවත විවෘත කිරීමට සැලසුම් සකස්කර ඇතිබවත් සෞදි සංචාරක අධිකාරියේ ප්‍රධාන විෂායක නිලධාරී ෆාඩ් හමීදාඩීන් නිවේදනය කර තිබේ.