ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගර වැසියන්ට අනතුරු හැඟවිමක්!

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගර වැසියන්ට අනතුරු හැඟවිමක්!

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ වෙසෙන ජනතාවට සෞඛ්‍ය අංශ මගින් අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙන බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

සිඩ්නි නගරයේ අප-ජලය සහිත කාණු පද්ධතියක තිබී කොරෝනා වෛරසය හමුවීම හේතුවෙන් මෙම අනතුරු හැඟවීම නිකුත්කර තිබෙන බව සඳහන්.

සෞඛ්‍ය අංශවල අනතුරු ඇඟවීම හෝම්බුෂ් බටහිර, ස්ට්‍රත්ෆිල්ඩ්, කොන්කොර්ඩ් බටහිර, සිඩ්නි ඔලිම්පික් පාර්ක්, ඇතුළු ප්‍රදේශ රැසක ජීවත්වන 40,500ක් පමණ වන පිරිසකට බලපාන බව වාර්තා වේ.

මෑතකදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයා එම පළාතේ පුද්ගලයෙකි. 

එබැවින් ජනතාව කොරෝනා රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වියයුතු බව සෞඛ්‍ය අංශ පවසති.

අදවනවිට ඕස්ට්‍රේලියාවේ ලාංකිකයින් විශාල ප්‍රමාණයක් ජීවත්වෙන අතර ඔවුන්ද කොරෝනා වෛරසය හේතුවෙන් අවදානමක සිටියි.

ඔබත් ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක් නම් ඉදිරි කාලය අවදානම් විය හැකි බැවින් වඩාත් ප්‍රවේශම්කාරී වෙන්න!