ඩුබායි රාජ්‍ය කොරෝනා නීතිරීති ලිහිල් කිරීමට කටයුතු කරයි

ඩුබායි රාජ්‍ය කොරෝනා නීතිරීති ලිහිල් කිරීමට කටයුතු කරයි
ඩුබායි රාජ්‍ය විසින් එරට සංචාරක හෝටල්වලට පනව තිබූ කොවිඩ් 19 සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව සංචාරක හෝටල්වල පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවසර ලබා දීමට කටයුතු කර තිබේ.
 
හෝටල්වලට පැමිණෙන සියලුම පුද්ගලයින් එන්නත් ලබාගෙන තිබීම අනිවාර්ය සාධකයක් වන අතර විවිද ප්‍රසග අහා ක්‍රීඩා ඉසව්වලට සහභාගිවීමටද අවසර හිමිවෙනු ඇත.
 

මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම මෙහිදී අනිවාර්ය කර තිබෙන අතර ඩුබායිහි ආපදා කළමනාකරණ උත්තරීතර කමිටුවේ නියමයන්ට අනුව මෙම නීති ක්‍රියාත්මක බවත් සඳහන්.

තවද ඩුබායිහි අවන්හල් හා විනෝදාස්වාදය සැපයෙන ස්ථානවල ධාරිතාවයද වැඩි කිරීමට අවසර හිමිකර දී ඇත.

කොවිඩ් වසංගතය හමුවේත් මිලියන ගණනක සංචාරකයින් ආකාර්ෂණය කර ගැනීම සඳහා එක්සත් අරාබි එමීරය "එමිරේට්ස් එක්ස්පෝ 2020" ලෝක ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවත් විදෙස් පුවත් සේවා පවසයි.