ශ්‍රී ලංකාවට ඇවිත් නම් බහරේනයට ඇතුළු වෙන්න බෑ 

ශ්‍රී ලංකාවට ඇවිත් නම් බහරේනයට ඇතුළු වෙන්න බෑ 
පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය තීරණය කර ඇත.
 
ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාව , ඉන්දියාව, , පාකිස්තානය සහ නේපාලය යන රටවල සංචරය කර ඇති පිරිස් සදහා බව බහරේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
 
එම රටවල් වල සීඝ්‍රයෙන් පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් බහරේන රජය මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි.