ඉතාලිය ලංකාව ඇතුළු රටවල් තුනකට දැමූ සංචාරක තහනම තවත් දිගු වෙයි

ඉතාලිය ලංකාව ඇතුළු රටවල් තුනකට දැමූ සංචාරක තහනම තවත් දිගු වෙයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනකින් එන පුද්ගලයින්ට ඉතාලියට ඇතුළුවීම තහනම් කිරීමට පසුගියදා ඉතාලි රජය විසින් තීරණය කළ අතර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගැනීමට කටයුතු කරන ලදී.
 
කෙසේ වෙතත් විදෙස් පුවත් සේවා සඳහන් කරන ආකාරයට ලංකාව,ඉන්දියාව හා බංගලාදේශය යන රටවල්වලට පනවා තිබූ සංචාරක තහනම තවදුරටත් දීර්ඝ කිරීමට ඉතාලි රජය තීරණය කර ඇත.
 
ඒ අනුව එළැඹෙන 21 වෙනිදා තෙක් මෙම රටවල පුද්ගලයින්ට ඉතාලියට ඇතුළිවීමට අවස්ථාව හිමි නොවෙයි.
 
ඉන්දීය කොවිඩ් වෛරස් ප්‍රභේදය රටට ඇතුළු වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබෙන බවත් ඉතාලි ජාතිකයින්ට මෙම නියමයන් අදාළ නොවෙන බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.