වියට්නාමයේ සිට ලංකාවට පැමිණෙන්නන්ට තහනමක්

වියට්නාමයේ සිට ලංකාවට පැමිණෙන්නන්ට තහනමක්

වියට්නාමයේ පසුගිය සති දෙකක කාලය තුළ සංචාරයේ නිරත වූවන් හා වියට්නාමය සමග ගුවන් ගමන් හුවමාරු වූ පුද්ගලයන්ට තාවකාලිකව මෙරටට ඇතුලු වීමට අවසර නොලැබෙන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.

ගුවන්තොටුපල හෙට (01) දින සිට විවෘත කළත්, වියට්නාමයේ සිට පැමි‌නෙණ අයට මෙම තහනම බලපැවැත්වෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

වියට්නාමය තුල මේ දිනවල කොවිඩ් වසංගතයේ නව දෙමුහුන් ප්‍රභේදයක් පැතිර යන බැවින් රජය  මෙම තීරණයට එළඹි බවද ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වැඩිදුරටත් කියා සිටියේය.