සෞදිය විසින් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම ඉවතට

සෞදිය විසින් පනවා තිබූ තාවකාලික ගුවන් ගමන් තහනම ඉවතට

කොවිඩ් වසංගතය හමුවේ සෞදි අරාබිය විසින් රටවල් 11කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට එරට රාජ්‍ය බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, එක්සත් ජනපදය, අයර්ලන්තය, ඉතාලිය, පෘතුගාලය, එක්සත් රාධනානිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය සහ ජපානය යන රටවලට පනවා තිබූ තාවකාලික සංචාරක තහනම ඉවත්වී එම රටවල සංචාරකයින්ට සෞදියට පැමිණීමේ අවස්ථාව හිමිවනු ඇත.

කෙසේ වෙතත් මෙම රටවල්වල සිට පැමිණෙන සංචාරකයින් සියළුදෙනාම පාහේ සෞදියේ බලපැවත්වෙන නිරෝධායන නීතිවලට අනුකූලව නිරෝධායනය වීමද අනිවාර්ය බවත් සෞදි රජය නිවේදනය කර තිබේ.