ඕමානයේ සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමක

ඕමානයේ සේවය කරන සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමක
ඕමානයේ සේවය කර විදේශික ශ්‍රමිකයින්ට ඔවුන්ගේ රැකියාව සම්බන්ධයෙන් අවදානම් තත්ත්වයක් මතුවීමේ පෙරනිමිති පලවී තිබෙන බව සඳහන්.
 
විශේෂයෙන් එරට ශ්‍රම බලකාය තුළ වැඩි රැකියා අවස්ථා ඕමාන් ජාතිකයින්ට ලබා දීමට බලධාරීන් තීරණය කිරීම හේතුවෙන් මෙම අවදානම් තත්ත්වය මත්ව තිබෙන අතර ඕමාන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලින් 10.9%ක්  ඕමාන් ජාතිකයින්ට ලබා දීමටත් කටයුතු කර ඇත.
 
එමෙන්ම ඕමානයේ දැනට සේවය කරන විදේශික ගුරුවරුන් වෙනුවට එම අවස්ථාවන් ස්වදේශිකයින්ට ලබා දීමට කටයුතු කර තිබෙන අතර ඒ අනුව විදේශික ගුරුවරුන් 2,733කගේ සේවය අවසන් කිරීමට ඕමාන් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
 
එම ගුරු තනතුරුවලට සුදුසුකම් ලත් ස්වදේශිකයින්ගේ නම් ලැයිස්තුව 2021 ජූනි මාසයේදී ප්‍රකාශයට පත්කරන අතර ඕමාන්කරණ ක්‍රියාවලිය තුළ විදේශිකයින්ට රැකියා අවස්ථා අහිමිවීමේ අවදානම මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.