"කප්පා" නිසා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නොසන්සුම්

"කප්පා" නිසා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය නොසන්සුම්
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වරක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට එරට රාජ්‍ය බලධාරීන් පසුගිය දා තීරණය කළ අතර එම ප්‍රාන්තයෙන් හමුවූ කොවිඩ් පොකුර හේතුවෙන් මෙම තීරණය ගන්නා ලදී.
 
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන අගමැතිවරයා වන ජේම්ස් මර්ලිනෝ විසින් පසුගියදා නිවේදනයක්ද නිකුත් කරමින් ප්‍රාන්තයේ අවදානම් තත්ත්වය ගැන ඉඟියක් ලබා දී තිබෙන අතර ඔහු පෙන්වා දී ඇත්තේ  "අපි මේ විදියට ලොක්ඩවුන් නොකළොත් මෙය පාලනය කළ නොහැකි වේවි. මෙම කොවිඩ් ප්‍රභේදය පාලනය කිරීම අපහසු වී මිනිසුන් මැරෙයි." යනුවෙනි.
 
පසුගිය 02 වෙනි දින ආසාදිතයින් 6 දෙනෙක් හඳුනාගෙන ඇති අතර මෙතෙක් හඳුනාගෙන ඇති මුළු ආසාදිතයින් ගණන 60කි.
 
විශේෂයෙන්ම කණ්ඩායම් වශයෙන් ජනතාව ගැවසීම එම වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිරයාමට හේතුවී ඇති අතරම මෙලෙස ආසාදිතයින්ගෙන් හමුවී ඇත්තේ B.1.617.1 නම් ප්‍රභේදය බවයි ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අංශ තහවුරු කර ඇත්තේ.
 
මෙම වෛරස් ප්‍රභෙදය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත්තේ "කප්පා" ලෙසයි.
 
මැයි 27 වනදා සිට වික්ටෝරියා ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කළේ මාස තුනකට පසුව ආසාදිතයෙක් හමුවීමත් සමගය. එම තීරණය මිලියන 7ක පමණ ජනගහනයකට බලපෑම් ඇති කිරීම හේතුවෙනි.
 
නව සීමා පැනවීමත් සමගම ප්‍රාන්තයේ අග නගරය වන මෙල්බර්න් නගරයේ වැසියන් නිවෙස්වලම රැඳී සිටිය යුතුය. නිවෙස්වලින් බැහැරට යා හැක්කේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට, වෙළෙඳසැලට, ව්‍යායාම සඳහා, රැකබලා ගැනීම සඳහා හෝ කොවිඩ් එන්නත් ලබාගැනීම සඳහා පමණි.
 

සමූහ ඒකරාශි වීම්ද තහනම්කර තිබේ.