ඊශ්‍රායලයේ සංචරණ සීමා ලිහිල් වෙයි -කොවිඩ් මර්දන වැඩසටහන් සාර්ථකයි

ඊශ්‍රායලයේ සංචරණ සීමා ලිහිල් වෙයි -කොවිඩ් මර්දන වැඩසටහන් සාර්ථකයි

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනයට පැනවු සංචරණ සීමා ඉවත්කිරිමට ඊශ්‍රායල රජය තීරණය කර තිබේ.

මේ වන විට ඊශ්‍රායලයේ වයස අවුරුදු 50 ඉක්මවු පුද්ගලයින්ගෙන් 90%ක් කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ වසර ආරම්භයේ දි දෛනිකව ආසාදිතයින් 10,000ක සංඛ්‍යාවක් වාර්තා වු ඊශ්‍රායලයේ අද දිනය තුළ හදුනාගෙන ඇත්තේ නව ආසාදිතයින් සිව්දෙනෙකු පමණි.

එරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 800,000 ඉක්මවා ඇති නමුත් ඉන් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 340ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය