කුවේටය කොවිඩ් නීති රීති ලිහිල් කරයි -මෙන්න ලිහිල්කළ සීමා

කුවේටය කොවිඩ් නීති රීති ලිහිල් කරයි -මෙන්න ලිහිල්කළ සීමා
කුවේට් රාජ්‍යය එරට පොදු උද්‍යාන මහජනයාට විවෘත කිරීමට කටයුතු කර ඇති බව කුවේට් පුවත් ඒජන්සිය වාර්තා කරයි.
 
කොරෝනා වසංගත ව්‍යාප්තවීම ආරම්භයේදීම කුවේටයේ දෙස් විදෙස්  සියලුම දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම උදෙසා මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන තාවකාලිකව වසා දැමීමට කුවේට් රජය කටයුතු කරන ලදී.
 
කුඩා දරුවන්ගේ හා පවුල්වල සාමාජිකයින්ගේ විනෝදාස්වාදය උදෙසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවෙදයන්ට අනුකූලව මෙලෙස පොදු උද්‍යාන විවෘත කිරීමට කටයුතු කරන බවයි කුවේට් කෘෂිකාර්මික කටයුතු හා මත්ස්‍ය සම්පත් පිළිබඳ රාජ්‍ය අධිකාරිය නිවේදනය කාර් ඇත්තේ.
 

එම තීරණයට අනුව උදෑසන 08.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය ඇතුළත උද්‍යාන විවෘත කර තැබීමට අධිකාරිය කටයුතු කෙරෙනු ඇති.