සෞදි අරාබියේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි -ප්‍රවේශමෙන්!

සෞදි අරාබියේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි -ප්‍රවේශමෙන්!
සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් ඉහළ යාමක් පෙන්නුම්කරන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ගතවූ පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් 1,261ක් දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර අදවනවිට සෞදි අරාබියෙන් හමුව ඇති කොරෝනා ආසාදිතයින් මුළු ගණන 457,546ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 
සුවය ලැබූ මුළු ආසාදිතයින් ගණන 440,644කි. වෛඉරසය නිසා මියගිය මුළු සංඛ්‍යාව 7,456කි.
 
පසුගිය පැය 24ක කාලය තුළ ආසාදිතයින් 1040ක් සුවය ලබා තිබෙන අතර ආසාදිතයින් 15 දෙනෙකු මරණයට පත්ව තිබේ.
 

යම්තාක්දුරට සෞදිය තුළ කොරෝනා ව්‍යාප්තිය පාලයවී තිබුණද ඔබ සෞදි අරාබියේ සේවය කරන අයෙක් නම් සෑම විටම සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කරන්න. හැකි සෑම විටම නිවසේ රැඳී සිටින්න. කොරෝනා නීති රීතිවලට අනුව කටයුතු කරන්න.