කළු දිලීර රෝගීන් හමුවීම නිසා ඕමානය නොසන්සුම් වෙයි

කළු දිලීර රෝගීන් හමුවීම නිසා ඕමානය නොසන්සුම් වෙයි
ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් එරටින් කළු දිලීර රෝගීන් තිදෙනෙකු හම්වී තිබෙන බව සඳහන් කර තිබේ.
 
එලෙස හමුවූ රෝගීන් තිදෙනා මේවනවිට ප්‍රතිකාර ලබමින් සිටින අතර කළු දිලීර රෝගයට ගොඳුරු වූ තවත් පුද්ගලයින් ඕමානය තුළ සිටීද යන්න පිළිබඳව කඩිනමින් පරීක්ෂණ ආරම්භකර තිබෙන බවත් වාර්තා කර ඇත.
 
තවද එම රෝගීන් හැකි ඉක්මනින් හඳුනාගත හැකි  ක්‍රමවේදයක් කඩිනමින් ස්ථාපිත කරන බවත් ඕමාන් රජය නිවේදනය කර තිබේ.
 

 
 කළු දිලීර රෝගය ගැන ඔබේ දැනුමට යමක්..
 
 
කළු දිලීරය වැළඳන්නේ කෙසේ ද?, ආසාදනයේ රෝග ලක්ෂණ මොනවා ද?
🔺නාසයෙන් බීජානු ශරීරය තුළට ඇතුළු වී කළු දිලීර රෝගය ආසාදනය විය යැකියි.
 
බහුලව දැකිය හැකි රෝගී ලක්ෂණ -:
 
🔺නහය දෙපැත්ත කළු වීම
🔺තල්ල කළු වීම
 
කළු දිලීර රෝගයට බිය විය යුතු ද?
 
🔺 කළු දිලීර රෝගී තත්ත්වය ගැන ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතුයි.
 
🔺මෙය බෝ වන රෝගී තත්ත්වයක්  නොවේ.
 
🔺 මේ දක්වා වාර්තා වූ රෝගීන් රෝහල්වල සාමාන්‍ය වාට්ටුවල රඳවා ප්‍රතිකාර කර තිබේ.
 
දිලීර රෝගයෙන් වැළකීමට ගත යුතු පියවර මොනවා ද?
 
🔺මෙම රෝගය ප්‍රතිශක්තිකරණය දුර්වල වූ විට වැළඳෙන බැවින් ප්‍රතිශක්තිකරණය හීන කරන කොවිඩ් – 19 ආසාදනය වීමෙන් වැළකී සිටීමට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි.
 
🔺දියවැඩියා රෝගීන් සීනි පාලනය කර ගත යුතුයි.
 
🔺ප්‍රතිශක්තිකරණය අඩු රෝගීන් පස් සම්බන්ධයෙන් කරන ගොවිතැන් වැනි කටයුතුවලින් වැළකී සිටිය යුතුයි.
 
මෙම දීලිර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට පහසුකම් රෝහල් සතුව තිබේ ද?
 
🔺දිලීර ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය කරන සියලු පහසුකම් රෝහල් සතුව තිබේ.
 
🔺අවශ්‍ය තරම් වන එැවැනි රෝගීන්ට ලබා දීම සඳහා වන ඖෂධ, ඖෂධ සැපයුම් අංශය සතුව ඇත.
 
දිලීර ආසාදිත රෝගීන් නිසි වේලාවට හඳුනා නොගත හොත් දිලීරය ඇස්වලට ආසාදනය වී ඇස් පෙනීම දුර්වල වී මොළය දක්වා ගමන් කර ජීවිත අවදානම පවා සිදුව විය හැකියි.
 

මේ අතර( Mucormycosis) හෙවත් කළු දිලීර රෝගය ආසාදනය වූවන් 9,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාවෙන් මේ දක්වා හඳුනාගෙන ඇති අතර කොරෝනා ආසාදිතව සුවය ලැබූ සහ සුවය ලබමින් සිටින පුද්ගලයින් බහුතරයක් රෝගයට ගොදුරු වී ඇති බව එරට සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණ.