විදේශිකයින්ට කුවේටයේ දොරගුළු ඇරෙයි -මේ සීමාවන්ට යටත්ව කුවේටයට යන්න පුලුවන්

විදේශිකයින්ට කුවේටයේ දොරගුළු ඇරෙයි -මේ සීමාවන්ට යටත්ව කුවේටයට යන්න පුලුවන්
කුවේට් රජය විසින් විදේශිකයින්ට කුවේටයට පැමිණීම සඳහා දොරගුළු විවෘත කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව කොරෝනා වෛරසය සඳහා ලබා දෙන එන්නත්වල මාත්‍රා දෙකම ලබා ගෙන ඇති විදේශිකයින්ට එළැඹෙන අගෝස්තු මස 01 වෙනි දින සිට කුවේටයට පැමිණීමට අවසර හිමිවෙන බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරි පෙන්වා දෙයි.
 

එහිදී ගුවන් ගතවීමට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකරගත යුතු වන අතර නිරෝධායන වන කාලසීමාව තුළ තවත් පී.සී.ආර් පරීක්ෂණයකට මුහුණ දියයුතු බවත් සඳහන්.