කැනඩාවේ සිදුවූ රිය අනතුරකින් ලාංකික පවුලක් අවාසනාවන්ත ලෙස මියයයි

කැනඩාවේ සිදුවූ රිය අනතුරකින් ලාංකික පවුලක් අවාසනාවන්ත ලෙස මියයයි
පසුගිය සෙනසුරාදා (19) කැනඩාවේ ඔන්ටාරියෝ හි මිල්ටන්හිදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකික පවුලක් මියගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.මෙලෙස මරණයට පත්ව ඇත්තේ පියා,මව සහ ඔවුන්ගේ දියණියයි.
 
බීමත්ව රිය ධාවනය කළ පුද්ගලයෙකුගේ නොසැලිකිලිමත් ධාවනය හේතුවෙන් මෙම ලාංකිකයින් අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබෙන අතර අතුල කරුණානන්ද,සොමිකෙලම් කරුණානන්ද,දියණිය ප්‍රදීපා කරුණානන්ද යන අය අනතුර සිදුවූ ස්ථානයේදීම මරණයට පත්ව තිබේ.
 

මියගිය අතුල කරුණානන්ද මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ 1982 කණ්ඩායමේ කීර්තිමත් ආදි සිසුවෙකු වූ අතර සොමිකෙලම් විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියකි. දියණිය අනතුර සිදුවන්නට දින 2 කට පෙර හෙදියක ලෙස උපාධිය  ලබා ගත් බවත් සඳහන්.

කරුණානන්ද පවුල අනපේක්ෂිත ලෙස අහිමිවීම එරට මිල්ටන්හි ශ්‍රී ලාංකික ප්‍රජාවගේ දැඩි කම්පනයට හේතුවී ඇත. ආදාහනය ජූනි 27 ඉරිදා සිදු කරන්නට සූදානම් කර ඇති අතර කොරෝනා වසංගතය හේතුවෙන් ඊට සහභාගීවීමට අවසර දී ඇත්තේ 10 දෙනෙකුට පමණි.

1624248637 gossiplanka2847756