ඊශ්‍රායලයේ යලිත් කොරෝනා භීතිකාවක් -සෞඛ්‍ය අංශය අනතුරු හඟවයි

ඊශ්‍රායලයේ යලිත් කොරෝනා භීතිකාවක් -සෞඛ්‍ය අංශය අනතුරු හඟවයි
ඊශ්‍රායලයේ කොවිඩ් අවදානම යලිත් මතුව තිබෙන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. එරට ජනගහනයෙන් 70%කට වඩා වැඩි පිරිසකට කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් වී තිබුනත්  නව කොරෝනා රැල්ලට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ "ඩෙල්ටා" විකෘති ප්‍රභේදය මේවනවිට ඊශ්‍රායලය ආක්‍රමණය කර තිබීමයි.
 
ඊශ්‍රායලය  ඉතා සාර්ථක එන්නත්කරණයක් සිදුකළ රටක් ලෙස ලෝකයේම අවදානය දිනාගත් අතර කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක පාලනය කිරීමත් එන්නත්කරණයේ සාර්ථකත්වය නිසාත් රට තුළ පනවා තිබූ කොවිඩ් සීමා කිරීම් හා නීති රීති ලිහිල් කිරීමටද පියවර ගන්නා ලදී.
 
කෙසේ වෙතත් අදවනවිට එරටින් නව කොරෝනා පොකුරක් ව්‍යාප්තවීම හදුනාගෙන තිබෙන අතර  එබැවින් සෞඛ්‍ය අංශ ලබා දෙන මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසයි ඊශ්‍රායල් නව අග්‍රාමාත්‍යවරයා මහජනතාව වෙත නිවේදනය කර ඇත්තේ.
 

එහිදී සමාජ දුරස්ථභාවය, අනිවාර්ය නොවුනත් නිවසින් පිටතට යන්නේ නම් මුහුණු ආවරණ භාවිතාකරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔබත් ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් විය හැකි බැවින්න් හැකි සෑම විටම සෞඛ්‍ය අශ ලබා දෙන මාර්ගෝපදේශ අනුගමනය කරන්න.පිටතට යන සෑම අවස්ථාවකම මුහුණු ආවරණ පළදින්න.හැකිතාක් විශාල පිරිස් ඒකරාශීවෙන ස්ථානවල රැඳී නොසිටින්න.සැලකිල්ලෙන් ආරක්ෂාකාරීව රැඳී සිටින්න.