විදේශයේ සිට කුවේටයේ සේවයට එන සංක්‍රමණිකයින්ට අනිවාර්ය නියෝගයක්

විදේශයේ සිට කුවේටයේ සේවයට එන සංක්‍රමණිකයින්ට අනිවාර්ය නියෝගයක්

විදේශයේ සිට කුවේටයට පැමිණෙන සියළුම ගෘහ සේවිකාවන් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

කොවිඩ් 19 එන්නත ලබා නොගෙන කුවේටයට පැමිණෙන ගෘහ සේවිකාවන්ට අදාළව මෙම නීතිය පනවා ඇත.

තවද කුවේටයට පැමිණීමට පැය 72කට පෙර ලබාගත් පී.සී.ආර් වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව කුවේට් සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කර තිබේ.

කුවේට් ගුවන්තොටුපළට පැමිණෙන විට පී.සී.ආර් පරීක්ෂණයක්ද සිදුකරන බවත් අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.