එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලංකාවට සංචාරක තහංචියක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ලංකාවට සංචාරක තහංචියක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිය වැසියන්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ඇතුළු රටවල් 12කට සංචාරය කිරීම වළක්වාලමින් ගමන් තහනමක් පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එම ගමන් තහනම පනවා ඇත්තේ, ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, වියට්නාමය, නයිජීරියාව සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 7කටය.

මෙම ගමන් තහනම එළඹෙන ජූලි 21 වන දා තෙක් බලාත්මකය.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එක්සත් අරාබි එමිර් රාජ්‍යය ජූනි මාසය තෙක් එරට වැසියන්ට රටවල් 14කට සංචාරය කිරීම තහනම් කරමින් ගමන් තහනමක් පනවා තිබූ අතර එය ඊයේ (ජූලි 1) දිනයේ දී තවදුරටත් ජූලි 21 දක්වා දීර්ඝ කර ඇත.