මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘කොන්දේසි මත හෙට සිට ඉවතට‘

මැදපෙරදිග රටවල් හයක ගුවන් මගීන්ට පැනවූ තහනම ‘කොන්දේසි මත හෙට සිට ඉවතට‘

කටාර්, ඕමාන් ඇතුළු මැදපෙරදිග රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෙට (01) සිට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ තාවකාලික තහනම කොන්දේසි කිහිපයකට යටත්ව ඉවත් කළ බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කෙසේවෙතත් ජූලි මස 31 වනදා දක්වා ඇංගෝලාව, බොස්ට්වානා, ලෙසෙතෝ, මොසැම්බික්, නැම්බියාව, ස්වාසිලන්තය, සැම්බියාව සහ සිම්බාබ්වේ යන රටවල සිට මෙරටටපැමිණෙන මගීන් සඳහා පැනවු තහනම තවදුරටත් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය සදහන් කරයි.

කටාර්, ඕමාන්, බහරේන්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ කුවේට් යන මැදපෙරදිග රටවල සිට පැමිණෙන ගුවන් මගීන්ට කොවිඩ් වසංගතය හේතුවෙන් ජුලි 1 වන දා සිට ජූලි 13 වන දා දක්වා තාවකාලික තහනමක් පැනවීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය (29) දින තීරණය කළේය.


අපිට ඔබේ සහයෝගය අවැසිම මොහොතයි -වැඩබිම වෙබ් අඩවියේ ප්‍රගතිය මැන බලන්න වැඩබිම ඔන්ලයින් සමීක්ෂණයට දායකවෙන්න. ලින්ක් එකට මෙතනින් පිවිසෙන්න...

 

තහනම ඉවත් කිරීමේ නව කොන්දේසි අනුව,

• ඉහත සදහන් රටවල සිට මෙරටට පැමිණෙන සියලු ගුවන් මගීන් සතුව කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු කිරීමට පීසීආර් වාර්තාවක් තිබිය යුතු අතර අදාළ ගුවන් සමාගම මගියා ගුවන් යානයට ඇතුළුකර ගැනීමට පෙර ඒ පිළිබඳ ව සොයාබැලිය යුතුය.
• එම පීසීආර් වාර්තාව රජයේ හෝ අනුමත කළ ආයතනයකින් ලබාගත යුතු අතර, ඊට අදාළ කිව්.ආර් සහ බාර් (QR/Bar ) කේත එහි සඳහන් විය යුතුය.
• ගුවන් මගීන් ඉදිරිපත් කරන පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ගුවන් සමාගම තෘප්තිමත් විය යුතු අතර ගුවන් මගීන් ඉදිරිපත් කරන ඇන්ටිජන් පරීක්ෂණ වාර්තා පිළිනොගත යුතුය.
• පිළිගත් සම්පූර්ණ වාර්තා ඉදිරිපත් කොට පැමිණෙන මගීන්ට මෙරට ඒමට අවසර ලැබෙන්නේ හෝටල් නිරෝධායනයට ලක්වීමට හෝ ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව ආරක්ෂිත බුබුල සංකල්පය මත පමණකි.