කුවේටය ගුවන් ගමන් නීති රීති ලිහිල් කරයි 

කුවේටය ගුවන් ගමන් නීති රීති ලිහිල් කරයි 
කුවේට් රාජ්‍ය විසින් කොරෝනා වසංගතය හේතුවෙන් පනවා තිබූ ගුවන් ගමන් නීති රීති ලිහිල් කිරීමට කටයුතු කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව 2021 ජූලි මස 01 වෙනි දින සිට ගුවන් ගමන් නීති ලිහිල් වන අතර,සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා රටවල් 12කට අවසර ලබා දී ඇති බව සඳහන්.
 

බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, ප්‍රංශය, ඉතාලිය, ජර්මනිය, ඔස්ට්‍රියාව,ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ග්‍රීසිය, ස්විට්සර්ලන්තය, කිර්ගිස්තානය, බොස්නියාව සහ හර්සගොවිනාව එලෙස සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම සඳහා අවසර හිමිවූ රටවල් වේ.