කුවේටයේ කොවිඩ් තත්ත්වය අවදානම් වෙයි -සැලකිල්ලෙන් කටයුතු කරන්න

කුවේටයේ කොවිඩ් තත්ත්වය අවදානම් වෙයි -සැලකිල්ලෙන් කටයුතු කරන්න
කුවේටයේ කොරෝනා වසංගතය ආරම්භ වූ දාසිට මේ දක්වා කාල සීමාව තුළ වැඩිම දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් පසුගියදා වාර්තා වී තිබූ බව කුවේට් පුවත් සේවා  වාර්තා කරයි.
 
ඒ අනුව පසුගිය 07 වෙනි දින වාර්තා වූ ආකාරයට ගතවූ පැය 24ක කාලය තුළ කුවේටයෙන් කොරෝනා රෝගීන් 1977ක් වාර්තා වී තිබූ අතර කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වූ අවස්ථාව මෙය බවයි.එම කාලය තුළ කොරෝනා මරණ 12ක්ද වාර්තා වී ඇත.
 
වර්තමානය වනවිට කුවේටයේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 370,932ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 350,471ක් මේවනිට පූර්ණ සුවය ලබා තිබේ. 2,071ක් කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.
 
ඔබත් කුවේටයේ ජිවත්වෙන අයෙක් නම් ප්‍රවේශමෙන් සිටින්න.සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න.