මැදපෙරදිග කොරෝනා නිසා අවදානමක -ඉදිරියේදී බිහිසුනු තත්ත්වයක පෙර ලකුණු

මැදපෙරදිග කොරෝනා නිසා අවදානමක -ඉදිරියේදී බිහිසුනු තත්ත්වයක පෙර ලකුණු
මැදපෙරදිග රටවල් රැසක නව කොරෝනා වෛරසය ඉතා වේගයෙන් ව්‍යාප්තවෙමින් පවතින බවත් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක නොකළහොත් ඉදිරියේදී බිහිසුණු තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හැඟවීමක් නිකුත්කර තිබේ.
 
ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවන ආකාරයට වෛරසය ව්‍යාප්තිය සීඝ්‍රයෙන්ම ව්‍යාප්ත වීමට පටන්ගෙන ඇති ලිබියාව,ඉරාකය,ඉරානය,ටියුනීසියාව,ලෙබනනය සහ මොරොක්කෝ යන රටවල් මෙලෙස දැඩි අවදානමක පසුවෙන බවයි.
 
මැදපෙරදිග කලාපීය රටවල් මුස්ලිම් බැතිමතුන් එළැඹෙන සතියේ ඊද් අල් අදා උත්සවය සඳහා සහභාගී වන අතර එයද වෛරසය ව්‍යාප්තවීමට තවත් හේතුවක් විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.
 
මැදපෙරදිග කලාපයේ කොරෝනා වෛරසයෙන් දරුණු ලෙස බැට කන්නේ ඉරානය වන අතර එරට මේවනවිට පස්වැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටියි.
 

ඉරානය ඇමරිකන් සම්බාධක පනවා තිබියදී කොරෝනා වසංගතයෙන් බැට කන අතර ලිබියාව,ඉරාකය,සහ ටියුනීසියාව සන්නද්ධ ගැටම් නිසා අස්ථාවර වී ඇත.ලෙබනනය දේශපාලන අර්බුද හේතුවෙන් අස්ථාවර වී සිටින අතර මේ රටවල් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දරුණු කඩා වැටීමට ලක්වීමත් සමඟ කොරෝනා ව්‍යාප්තියද වැඩිවීමට එය හේතුවක් වී තිබෙන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.