ලාංකිකයින්ට තවදුරටත් එක්සත් අරාබි එමීරය තහනම් තැනක් වෙයි

ලාංකිකයින්ට තවදුරටත් එක්සත් අරාබි එමීරය තහනම් තැනක් වෙයි
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් තුනක ගුවන් මගීන් රැගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට එමිරේට්ස් ගුවන් සේවය ගෙන ඇති තීරණය තවදුරටත් දීර්ඝ කිරීමට එම ගුවන් සමාගම තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
එම තීරණයට අනුව ලබන 21 වෙනිදා දින දක්වා ශ්‍රී ලංකාව,පකිස්තානය හා බංගලාදේශය යන රටවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මගීන් රැගෙන යාම සිදු නොකරන බවයි එමිරේට්ස් ගුවන් සේවා සමාගම ප්‍රකාශකර ඇත්තේ.
 
කෙසේ වෙතත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ජාතිකයින්ට ,එමීර් රාජ්‍යයේ වීසා හිමිකම ඇති පුද්ගලයින්ට සහ විදේශ සේවයේ නිරත තානාපති සේවා නිලධාරීන්ට මෙම තහනම බල නොපාන බවද ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි.
 

පවතින කොවිඩ් නව ප්‍රභද වාර්තා වීම නිසා පසුගිය සති දෙකක කාලය තුළ ලංකාව ,පකිස්ථානය හා බංගලාදේශය යන රටවල සංචාරය කළ කිසිඳු පුද්ගලයෙකුට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළු වීමටද අවසර ලබා නොදීමට එමීරය ගත් තීරණය 15 වැනිදා දක්වා ක්‍රියාත්මක බවත් සඳහන්.