කොරියාවේ ප්ලාස්ටික් කම්හලක සේවය කළ ලාංකිකයෙකු අනතුරකින් මරුට

කොරියාවේ ප්ලාස්ටික් කම්හලක සේවය කළ ලාංකිකයෙකු අනතුරකින් මරුට

දකුණු කොරියාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කම්හලක සේවයේ තිරතව සිටි ලාංකිකයකු අනතුරක් හේතුවෙන් මියගොස් තිබේ.

ඔහු අඛණ්ඩව පැය 18 ක් නියමිත කාල සීමාව සපුරාලීම සඳහා වැඩ කරමින් සිටියදී එම අනතුර සිදුව තිබෙන බව The Korea Times වාර්තා කර ඇත.

තිස් තුන් හැවිරිදි ඔහු’ ජුලි 25 වන දින අලුයම 3.30 ට පමණ මියගොස් තිබෙන බවයි වාර්තා වෙයි.

එම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන කම්හලෙහි මොහු මිය යනවිට ඒ අසල තවත් විදේශීය ජාතික කම්කරුවන් දෙදෙනෙකු සිට තිබෙන බව වාර්තා වී ඇත.

කෙසේ නමුත් තරුණයාගේ කෑගැසීම ඇසෙන තෙක් ඔවුන් අනතුර ගැන දැන නොසිටි බව එරට පොලිසිය සඳහන් කර තිබේ.

මීට මාස තුනකට පමණ පෙර එම කර්මාන්ත ශාලාවේ සේවයට පැමිණි ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් එරට පොලිසිය නිශ්චිත හේතුව සොයා බලමින් සිටින බව පැවසේ .