රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් කුවේට් ලක් තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
 
කුවේට්හි වෙසෙන ඔබගේ ශ්රී ලංකාවේ රියදුරු බලපත්රය කල් ඉකුත්වී ඇත්නම් 2021.08.10 දින සිට තානාපති කාර්යාලය හරහා අලුත් කරගැනීමට පහසුකම් සලසනු ලැබේ.
 
ඒ සඳහා ඔබ විසින් පහත සඳහන් අවශ්යතා සපුරාලිය යුතු වේ.
 
01. MTA 30/2 අයදුම්පත්රය කලු පාට පෑනකින් පමණක් සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුයි. (අදාළ අයදුම්පත් තානාපති කාර්යාලයෙන් ලබාගත හැකිය.)
02. මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රියදුරු බලපත්රයේ මුල් පිටපත
03. ඉංග්රීසි භාෂාවෙන් ලබාගත් වෛද්ය සහතිකය (කුවේට් විදේශ කටයුතු අමාත්යාංශයෙන් සහතික කර ඉදිරිපත් කල යුතුයි.)
04. ඔබ සතුව ඇති වලංගු ගමන් බලපත්රය
05. කුවේට්හි වලංගු වීසා බලපත්රය ( කුවේට් රජයෙන් නිකුත් කර ඇති හැඳුණුම්පත (Civil ID) ඉදිරිපත් කල යුතුයි.)
06. ගමන් බලපත්රයේ ශ්රී ලංකාවේ ජාතික හැඳුණුම්පත් අංකය සටහන් කර නැති අයදුම්කරුවන් ජාතික හැඳුණුම්පතෙහි මුල් පිටපත ඉදිරිපත් කල යුතුයි.
07. ගමන් බලපත් (35mm X 45mm) ප්රමාණයේ කලු සුදු ඡායාරූප 02 ක්
08. අලුත් කිරීමේ ගාස්තුව වශයෙන් කුවේට් ඩිනාර් 35 මුදලක් ගෙවිය යූතුයි.
 

ඉහත සුදුසුකම් සියල්ල සම්පූර්ණ කරන ලද අයදුම්පත් තානාපති කාර්යාලය මගින් භාරගෙන මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වෙත යවනු ලැබේ. අලුත් කරනු ලබන රියදුරු බලපත්ර නැවත තානාපති කාර්යාලය වෙත ලැබුණු පසු අයදුම්කරුවන් හට පැමිණ ලබාගත හැකිය.

උපුටා ගැනීම :කුවේට් ලක් තානාපති කාර්යාලය නිල ෆේස් බුක් පිටුව