කටාර් රාජ්‍ය නව නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙයි

කටාර් රාජ්‍ය නව නීති කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙයි
කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල් තානි විසින් එරට ප්‍රථම ව්‍යවස්ථාදායක ඡන්ද විමසීම සඳහා වූ මැතිවරණ නීති අනුමත කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
ඒ අනුව එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ මැතිවරණයක් පැවැත්වීමට නියමිත අතර නව මැතිවරණ නීති යටතේ වයස අවුරුදු 18ට වැඩි කටාරයේ උපත ලැබූ වැසියන්ට ඡන්ද වරම හිමිවෙන බවයි වාර්තා වෙන්නේ. තවද අවුරුදු 30ට වැඩි කටාර් වැසියන්ට ෂූරා කවුන්සිලයට ඉල්ලුම් කිරීමේ හැකියාවද මෙම නව නීති යටතේ හිම්වෙයි.
 
නව මැතිවරණ නීති අනුව මින් ඉදිරියට ආසන 45කින් ෂූරා කවුන්සිලයට නියෝජිතයින් 30ක් තෝරා ගැනීම සිදුවන්නේ ජනතාවගේ ඡන්දයෙන් වීම විශේෂත්වයකි. සෙසු ආසන සඳහා නියෝජිතයින් පත් කිරීම සුපුරුදු පරිදි කටාර් එමීර් ෂෙයික් තම්ම්ම් බින් හමාඩ් අල් තානිගේ අභිමතය පරිදි සිදුවෙනු ඇති.
 
ඒ අනුව කටාරයේ මැතිවරණ දිස්ත්‍රික්ක 30කට බෙදා ඒම සෑම දිස්ත්‍රික්කයන් සඳහාම එක් අපේක්ෂකයෙකු බැගින් තෝරා ගැනීම සිදුකරන බවත් කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් කාලිඩ් බින් කලීෆා අල් තානී ප්‍රකාශ කර ඇත.