සෞදියේ රජයෙන් දෙස් විදෙස් සැමට බලපාන නව නියෝගයක්

සෞදියේ රජයෙන් දෙස් විදෙස් සැමට බලපාන නව නියෝගයක්
සෞදි අරාබියේ සිටින කොවිඩ් එන්නත් නොගත් දෙස් විදෙස් සියලු දෙනාට ආයතනවලට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය බලධාරීන් තහනම් නියෝග ලබා දී තිබේ.
 
එම තීරණයට අනුව 2021 අගෝස්තු මස 01 සිට මෙම තහනම ක්‍රියාත්මක කරන බවයි සෞදි රජය නිවේදනය කර ඇත්තේ.
 
සමාජ, සංස්කෘතික,ක්‍රීඩා සහ විනෝදාත්මක රැස්වීම්වලට සහභාගි වීම මෙන්ම පෞද්ගලික,රජයේ සහ වාණිජ ආයතනවලට ඇතුළු වීමට අවම වශයෙන් කොවිඩ් එන්නත්වල එක් මාත්‍රාවක් වත් හෝ කොවිඩ් වැලඳී සුවය ලබා තිබිය යුතු බවයි සෞදියේ සෞඛ්‍ය අමාත්‍යාංශය දැණුම්දී ඇත.
 

වර්තමානය වනවිට සෞදි අරාබිය තුළ කොවිඩ් එන්නත මාත්‍රා මිලියන විසි හතක් මේ දක්වා ලබා දී ඇති අතර මිලියන 8.1 කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා  දී තිබෙන බවත් සඳහන්.