ලංකාව ඇතුළු රටවල් 6කට කටාරයෙන් අනිවාර්ය නියෝගයක් -කටාර් යන්න ඉන්නවා නම් මේ ගැන දැනගන්න

ලංකාව ඇතුළු රටවල් 6කට කටාරයෙන් අනිවාර්ය නියෝගයක් -කටාර් යන්න ඉන්නවා නම් මේ ගැන දැනගන්න

පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියා රටවල් 6ක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින්  කටාර්  රාජ්‍යය සිය සංචාරක උපදේශනය  යාවත් කාලීන කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව , පකිස්ථානය , බංග්ලාදේශය ,නේපාලය සහ පිලීපීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් ඊයේ (02)) සිට බලපැවැත්වෙන පරිදි එම සංචාරක උපදේශනය නිකුත් කරනු ලැබ ඇතැයි කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සිටී.