රැපිඩ් පී.සී.ආර් පහසුකම් සිකුරාදා සිට ගුවන්තොටුපලින්

රැපිඩ් පී.සී.ආර් පහසුකම් සිකුරාදා සිට ගුවන්තොටුපලින්

එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අවශ්‍යව තිබූ රැපිඩ් පී.සී.ආර් පරීක්ෂණ පහසුකම ගුවන්තොටුපොළේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

ඒ අනුව ලබන සිකුරාදා වන විට එම පහසුකම ලබාදීමට පියවර ගන්නා බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය මහතා පැවසුවේය.

qඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය සඳහා පිටත්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ත් සෙසු අයටත් එම රජය තීරණය කළ පරිදි පිටත් වීමට පෙර රැපිඩ් පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අවශ්‍ය වන බවත් , ඒ අනුව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ පොළ විවිධාංගීකරණ අමාත්‍යවරයා විසින් ගුවන්තොටුපොළ අංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ පිළිබඳ සාකච්ඡා කොට මේ සිකුරාදා වන විට හැකි ඉක්මනින් පහසුකම මීට අදාළ ශ්‍රමිකයින්ට ලබාදීමට කටයුතු කරන බවය.