විදේශිකයින්ට අදාළව කටාරය සිය සංචාරක උපදේශනය අලුත් කරයි

විදේශිකයින්ට අදාළව කටාරය සිය සංචාරක උපදේශනය අලුත් කරයි
පවතින කොරෝනා තත්වය සැලකිල්ලට ගනිමින් ලංකාව ඇතුළු රටවල් හයක සිට පැමිණෙන ගුවන් මගීන්ට හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් කටාර් රාජ්‍ය සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇතිබව විදෙස් පුවත් සේවා සඳහන් කරයි.
 
එම තීරණයට අනුව ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය, නේපාලය පිලිපීනය සහ ලංකාව යන රටවල්වල සිට කටාරයට පැමිණෙන ගුවන් මගීන් සඳහා හෝටල් නිරෝධායනව අනිවාර්යකරමින් පසුගිය 02 දා සිට බලපැවැත්වෙන ලෙස මෙම සංචාරක උපදේශනය නිකුත්කර ඇත.
 
එහිදී  ඉහත සඳහන් රටවලින් පැමිණෙන්නන් කොවිඩ් එන්නත සම්පූර්ණ කර ඇත්නම් හෝ කොවිඩ් වැළඳී සුවය ලැබූ අය නම් දින දෙකක් හෝටල් නිරෝධායනයත්,අනෙකුත් අය සඳහා දින දහයක කාලයක් හෝටල් නිරෝධායනය අනිවාර්ය කරමින් කටාර් සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ ඒ රටවල තානාපති කාර්යාල වෙත නිවේදනය කර ඇත.
 
තවද ගුවන් තොටුපළේදී සිදුකරනු ලබන පී.සී.ආර් පරීක්ෂණයෙන් ආසාදිතයින් නොවෙන බවට තහවුරු වූ පසුවත් එම ගුවන් මගීන් දින දෙකක් හෝටල් නිරෝධායනයට යොමුකළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
 
ඔබත් කටාරයේ සේවයට යාමට අපේක්ෂා කරන අයෙක් නම් මේ තොරතුරු ඔබට අතිශය වැදගත් වෙනු ඇති.