සයිනොෆාම් ගත් ලාංකිකයන්ට රටකින් ඇතුළුවීමේ තහංචි වැටෙයි

සයිනොෆාම් ගත් ලාංකිකයන්ට රටකින් ඇතුළුවීමේ තහංචි වැටෙයි

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත හැර අනෙකුත් කොවිඩ් මර්දන එන්නත් පමණක් ලබාගත් ශ්‍රී ලාංකිකයන්ට සිය රටට ඇතුළු විය හැකි බව ප්‍රංශය විසින් නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් ඉදිරිපත්කරමින් කොළඹ ප්‍රංශ තානාපති කාර්යාල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනය කර ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා සහ කොවිෂීල්ඩ් යන එන්නත්වල මාත්‍රා දෙකම ලබාගෙන සති දෙකක් ගතකර ඇති ශ්‍රී ලාංකිකයන්ට පමණක් 2021 ජූලි 31 වැනිදා සිට ප්‍රංශයට ඇතුළු විය හැකි බවයි.

සයිනොෆාම් එන්නත නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති පළමු රට වන්නේ ප්‍රංශයයි.

මීට අමතරව ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා ගත් අයටද එහි දෙවන මාත්‍රාවෙන් සති හතරකට පසු ප්‍රංශයට ඇතුළු විය හැකිය.