පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින්ට හජ් වන්දනාවට අවස්ථාවක්

පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින්ට හජ් වන්දනාවට අවස්ථාවක්
මෙවර හජ් වන්දනා සමයේදී පූර්ණ එන්නත්කරණය කළ  විදේශිකයින්ට අද (09) සිට හජ් වන්දනාවට ක්‍රමයෙන් අවසර ලබා දීමට කටයුතු කරන අව සෞදි රාජ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
 
එහිදී හජ් වන්දනාව සඳහා ඉල්ලුම්කරන විදේශිකයින් ඒ සඳහා අනුමත එන්නත්කරණ සහතික ඉදිරිපත්කළ යුතු බවත් නිවේදනය කර තිබේ.
 
සෞදි රජය විසින් සිය රටට ඇතුළු වීම තහනම් කර ඇති රටක අයෙකු විසින් හජ් වන්දනාවට අයඳුම් කළහොත් එහිදී පූර්ණ එන්නත්කරණය ලැබූවද සෞදියට පැමිණි පසු ආයතනික නිරෝධායනයටද ලක්විය යුතු බවත් සඳහන්.