ඊශ්‍රායලය කොවිඩ් එන්නත් ලබා දීම ගැන අලුත් තීරණයක

ඊශ්‍රායලය කොවිඩ් එන්නත් ලබා දීම ගැන අලුත් තීරණයක

කෝවිඩ් 19 delta විකෘතියේ බලපෑම හේතුවෙන්  ඊශ්‍රායල් රජය විසින් අවුරුදු 12ට වැඩි සියලුම දෙනාට  covid එන්නතේ  තෙවන මාත්‍රාවක් ලබා දීමට  තීරණය කර ඇත.

ලෝකයේ වඩාත් සාර්ථක එන්න කරණයක් සිදු කළ  රටක් ලෙස ඊශ්‍රායලය හඳුන්වන අතර එරට ජනතාවට ලබා දෙන්නේ ඇමරිකාවේ ෆයිසර්  එන්නතයි. රටේ ජනගහනයෙන් සියයට 70කට එන්නත් මාත්‍රා නියමිත පරිදි ලබා  දීමත් සමග  එරට පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායලය පසුගියදා තීරණය කරන ලදී. කෙසේ වෙතත් සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමත් සමඟ covid 19 delta විකෘතිය හිස ඔසවන ලදී.

එහිදී ඊශ්‍රායලය විසින් ෆයිසර් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අවුරුදු 60ට වැඩි සියලු දෙනාට  ප්‍රවර්ධක මාත්‍රාවක් ලෙස  ෆයිසර් එන්නතක් ලබාදීම ආරම්භ කරන ලද අතර ඒ ලබා දීමත් සමග දෛනික වාර්තා වූ  ආසාදිතයින් සංඛ්‍යාව ද   පැහැදිලි ලෙස අඩුවක් දක්නට ලැබෙන බව සදහන්.

අදවනවිට සෞඛ්‍ය නීතිරීති නැවත වරක්  දැඩි කිරීමට  කටයුතු කර තිබෙන අතර  වයස අවුරුදු 12ට වැඩි සියලුම දෙනාට ෆයිසර්  ප්‍රවර්ධක එන්නත ලබාදීම  අනිවාර්ය කළ යුතු බව එරට  සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.