නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ පිහි ප්‍රහාරයක්: සැකකරු ශ්‍රී ලාංකිකයෙක්

නවසීලන්තයේ බටහිර ඕක්ලන්ඩ් නුවර 'ලින්මොල්' සුපිරි වෙළඳ සංකීර්ණණයට කඩා වැදුණු අයකු කළ පිහි ප්‍රහාරයකින් 6 දෙනෙක් තුවාල ලැබූහ.

එය ත්‍රස්ත ප්‍රහාරයක් බවත්, ප්‍රහාරය එල්ල කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයකු බවත් ඔහු අයි.එස්.අයි.එස්. සාමාජිකයකු යැයි සැක කරන බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩර්න් පවසයි.

පිහි ප්‍රහාරයට ලක්වූවන් කඩිනමින් රෝහල් ගත කෙරුණු අතර ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.‍

පිහි ප්‍රහාරය සැලවීමත් සමඟ, වහා ක්‍රියාත්මක වී සුපිරි වෙළෙඳ සංකීර්ණයට ඇතුළු වුණු පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් ප්‍රහාරය එල්ල කළ තැතැන්තා මියගිය බව ද අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ දී පැහැදිලි කර තිබේ.

අන්තවාදී අදහස් ඇති අයකු බව හඳුනාගෙන තිබුණු බැවින් පොලිසිය එම තැතැත්තා සම්බන්ධයෙන් 2016 වසරේ සිට විමසිල්ලෙන් පසුවුණු බව ද මාධ්‍ය හමුවේ දී අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් පැවැසුවාය. එම මාධ්‍ය හමුවට පොලිස්පති ඇන්ඩෲ කොස්ටර් ද එක් වි සිටියේය.

First responders take a victim to an ambulance outside a Countdown supermarket in central Dunedin

Police take a suspect into custody near the Countdown supermarket in central Dunedin

New Zealand police respond to a stabbing attack at a supermarket in the city of Dunedin

(සිඩ්නි මෝනින් හැරල්ඩ් ඇසුරිනි - ලංකාදීප)