ලාංකිකයින්ට පැරිස් නුවර යන්න අවස්ථාවක්

ලාංකිකයින්ට පැරිස් නුවර යන්න අවස්ථාවක්

එළැඹෙන නොවැම්බර් 01 වනදා සිට ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.

ඒ අනුව පිරිමැසුම් පංතියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්ති ආසන 28කින් සමන්විත එයාර් බස් A 330-300 ගුවන් යානා උපයෝගී කරගනිමින් එම ගුවන් ගමන් සිදුවේ.

සෑම බදාදා, සිකුරාදා සහ සෙනසුරාදා දිනකම ප්‍රංශය වෙත පියාසර කරනු ලබන බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.