විදේශයේ සිට එන ලාංකිකයින්ට රජයෙන් ගෙවීමක්

විදේශයේ සිට එන ලාංකිකයින්ට රජයෙන් ගෙවීමක්

විදේශ රැකියාවල නිරතව සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට කටුනායක ගුවන් තොටුපළේ සිදුකරන පීසීආර් පරීක්ෂණ ගාස්තු විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම තීරණයට අනුව එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමරිකනු ඩොලර් හතළිහක මුදලක් ගුවන් තොටුපළ පීසීආර් රසායනාගාරයට ගෙවනු ලැබේ.

මැද පෙරදිග රටවල්වල සහ කොරියාවේ රැකියා සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී ගිය ශ්‍රමිකයන්ට මෙම වරප්‍රසාදය ලැබෙන අතර කර්යාංශයේ ලියාපදිංච් නොවූවද සුරක්ෂා නිවාසවල (සේෆ් හවුස්) සිට පැමිණෙන ගෘහ සේවිකාවන්ටද පීසීආර් පරීක්ෂණ වෙනුවෙන් ඩොලර් හතළිහක් ලබාදීමට තීරණය කර ඇත.

කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග සහ විදේශ රැකියා රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න එක්ව කළ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.