විදේශිකයින් 100,000කට එක්සත් රාජධානියේ රැකියා දොරටු ඇරෙයි

විදේශිකයින් 100,000කට  එක්සත් රාජධානියේ රැකියා දොරටු ඇරෙයි

එක්සත් රාජධානිය මුහුණ දී ඇති ලොරි රියදුරන්ගේ හිඟය ට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට එරට තීරණය කර තිබේ.

ඊට අදාළ තොරතුරු හෙට (26) එළිදැක්වීමට නියමිත ය.

ඒ අනුව සංක්‍රමණික නීති කෙටිකලක් සඳහා සංශෝධනය කිරීමට ඉඩ ඇති බවත් එරටට ඇතුළු විය හැකි විදෙස් සේවකයින් ගණන සඳහා සීමාවක් පැනවීමටත් තීරණය කෙරෙතැයි එරට මාධ්‍ය පැවසීය. 

තාවකාලික වීසා 5,000ක් පමණ නිකුත් කෙරෙතැයි වාර්තා විය.

රියදුරන් හිඟවීම හේතුවෙන් මේ වනවිට එරට ඉන්ධන ප්‍රවාහනයට බාධා මතුවී ඇති අතර සමහර ඉන්ධන පිරවුම්හල් වසාදමා ඇති අතර සමහර ප්‍රදේශවල දිගු පෝලිම් නිර්මාණය වී ඇතැයි ද සඳහන් වේ.

නමුත් රට තුළ අවශ්‍යතරම් ඉන්ධන තොග ඇති බැවින් කලබල නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කරයි.

මේ වනවිට භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා රියදුරන් 100,000ක පමණ පුරප්පාඩු ඇති බව වාර්තා විය.