එතෙර යන අයට තවත් එන්නත් මාත්‍රාවක් ලබා දීමේ සූදානමක්

එතෙර යන අයට තවත් එන්නත් මාත්‍රාවක් ලබා දීමේ සූදානමක්

සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති විදෙස් ගතවීමට අපේක්‍ෂාවෙන් සිටින පුද්ගලයන්ට අදාළ රටවලින් නිර්දේශ කර ඇති එන්නතක් තෙවන මාත්‍රාව ලෙස ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. 

ඒ පිළිබද මේවනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. 

අදාළ පුද්ගලයන්ට අදාළ රටවලින් නිර්දේශ කර ඇති එන්නතක් ලබාදෙන ලෙසට විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉකුත්දා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා.