ඩුබායිහි වැලි කුණාටු තත්ත්වයක් -එරට සිටින ලාංකික ඔබ ප්‍රවේශමෙන්!

ඩුබායිහි වැලි කුණාටු තත්ත්වයක් -එරට සිටින ලාංකික ඔබ ප්‍රවේශමෙන්!
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි දිගින් දිගටම වැලි කුණාටු තත්ත්වයක් හටගෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මේ වැලි කුණාටු තත්ත්වයත් සමගම සාජා සහ ඩුබායි ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවී තිබෙන බවත් අල් අයින්හි ප්‍රදේශ කිහිපයකටම අධික වර්ෂාපතනයක් වාර්තාවූ බවත් ඩුබායිහි ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයද නිවේදනය කර තිබේ.
 
විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල වල හා ප්‍රධාන පුවත් වෙබ් අඩවි බොහෝමයක වැලි කුණාටු තත්ත්වය හා අධික වර්ෂාපතනය දැක්වෙන වීඩියෝ පට හා ඡායාරූප සසරණය වන අතර ඒ තුළින් මේ කුණාටු තත්ත්වයේ දරුණු බව පැහැදිලි වෙයි.
 
ඔබත් ඩුබායිහි සේවය කරන ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.