ලාංකිකයින්ට ලෙබනනයේ රැකියා දොරටු විවර වෙයි

ලාංකිකයින්ට ලෙබනනයේ රැකියා දොරටු විවර වෙයි

වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනන් රැකියා සඳහා ඇතුළුවීමට නැවත අවසර ලබා දී ඇති බව ලෙබනන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එරට පැවති කොවිඩ් වසංගත තත්ත්වයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්, මේ වසරේ මාර්තු මස සිට බලපැවැත්වෙන පරිදි වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලෙබනනයේ රැකියා සඳහා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

මේ වන විට ලෙබනනය තුළ කොවිඩ් වසංගතය පාලනය කර තිබෙන බැවින් නැවත එම අවසරය ලබා දී තිබෙන අතර, අදාළ පුද්ගලයින් ලෝක‍ සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ඕනෑම එන්නතක අදාළ මාත්‍රා දෙකම ලබාගෙන තිබීම අනිවාර්ය වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.