විගමනික ශ්‍රමිකයන්ට ස්වයං රැකියා ප්‍රවර්ධනයට ආධාර ලැබෙයි

විගමනික ශ්‍රමිකයන්ට ස්වයං රැකියා ප්‍රවර්ධනයට ආධාර ලැබෙයි
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්රියාත්මක කරනු ලබන, විදේශ රැකියාවට ගොස් ආපසු පැමිණ ස්වයං රැකියාවක් ආරම්භ කර එය පවත්වාගෙන යන විගමණික ශ්රමිකයන් හට එම ස්වයං රැකියාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීම සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් 2021.09.24 රුවන්වැල්ල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී හා අමිතිරිගල ශ්රී ගුණරතනාරාම විහාරස්ථානයේදී පැවැත්විය.
 
විදේශ රැකියාවන්හි නිරතව සිටි ශ්රමිකයන් නැවත මව්බිමට පැමිණ විවිධ රැකියා ධාරාවන් යටතේ සිය ජිවිතය ගොඩනගාගෙන තම ජීවිතය සාර්ථක කරගැනීමට දිරිගැන්වීම් ලබාදීමේ වැඩසටනක් දියත් කිරීම සඳහා විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපල විවිධාංගිකරණ ගරු රාජ්ය අමාත්ය පියංකර ජයරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන ක්රියාත්මක වේ.
 
මෙහිදි කෑගල්ල දිස්ත්රික්කයේ රුවන්වැල්ල, යටියන්තොට, දැරණියගල සහ දෙහිඕවිට යන ප්රාදේශිය ලේකම් බලප්රදේශයන් හී ප්රාදේශිය ලේකම් කාර්යාලයේ නිර්දේශය මත තෝරාගනු ලැබු විගමනික ශ්රමිකයන් 37 දෙනෙකු හට ස්වයං රැකියාවට අදාල උපකරණ මිලදී ගැනීමට සඳහා රු.902,224.00 ක් වටිනා චෙක්පත් බෙදාදීම සමාගම් වතු ප්රතිසංස්කරණ, තේ වතු ආශ්රිත බෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්රවර්ධන ගරු රාජ්ය අමාත්ය කනක හේරත් මැතිතුමාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී සුදත් මංජුල මහතා, රුවන්වැල්ල ප්රාදේශිය සභාවේ සභාපති මංජුල නවරත්න මහතා, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරි (සමාජ සංවර්ධන) තරංග හෙට්ටිආරච්චි මහතා, රුවන්වැල්ල සහකාර ප්රාදේශිය ලේකම් ඩි.එස්.පී ජයසිංහ මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

 

11

242373864 4674882449212923 9113564197948498411 n