කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුබ ආරංචියක්!

කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සුබ ආරංචියක්!

කුවේට් රජය විසින්  රට තුළ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා   මධ්‍යස්ථාන හයක් අලුතින් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වේ.

කුවේට් පුරවැසියන්ට සහ පදිංචිකරුවන්ට covid 19 PCR පරීක්ෂණ වඩාත් කඩිනමින් සිදු කර ගැනීම සඳහාත්  කාර්යක්ශම  අයුරින්  මෙම ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා මෙලෙස නව  පරීක්ෂණ මධ්‍යස්ථාන විවෘත කිරීමට  වේට් සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඉදිරියේ දී  මෙවැනිම තවත් මධ්‍යස්ථාන කිහිපයක්ම රට තුළ පිහිටුවීමට කටයුතු කරන බවත්  සෞඛ්‍යය අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

ඔබත්  කුවේටයේ ජීවත්වෙන  ලාංකිකයෙකු නම් මෙම මධ්‍යස්ථාන හරහා  ඉතා කඩිනමින් PCR  පරීක්ෂණ සිදුකරගැනීමට හැකියාව සැලසෙනු ඇත.