එක්සත් අරාබි එමීරය එරට ආයතන 50%ක් වසා දැමීමේ තීරණයක

එක්සත් අරාබි එමීරය එරට ආයතන 50%ක් වසා දැමීමේ තීරණයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යය එරට රජයේ ආයතනවලින් 50%පමණ වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එලෙස ආයතන වසා දැමීමට තීරණය කර ඇත්තේ එම ආයතන  ඩිජිටල් වේදිකාවක් බවට පත්කිරිමේ  අරමුණින් වන අතර ඒ සම්බන්ධයෙන් emirates උප ජනාධිපති අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්  මක්ටුම්  පසුගියදා නිවේදනය කර ඇත.

 "අපි වසර දෙකක් තුළ ජයේ සේවා මධ්‍යස්ථාන 50% ක් වසා දමා  ඩිජිටල් වේදිකාවක් බවට පත් කරමින් අමාත්‍යාංශය ඒකාබද්ධ කිරීමට කටයුතු කරන අතර ඩිජිටල් වේදිකාව සාර්ථක කර ගැනීම සඳහා  ඒ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් ඇති බුද්ධිමත් නිලධාරීන් සහ  අමාත්‍යවරු පත් කිරීමට කටයුතු කරනවා" යනුවෙන් ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්  මක්ටුම් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.