
නවසීලන්තයට මුහුදු මගින් යෑමේ බලාපොරොත්තුවෙන් ත්‍රිකුණාමලය ඕර්ස්හිල් ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන්ගෙන් සිටි 63 දෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය පොලිසිය කියයි.
මෙම පිරිස යාපනය ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.
රාජ්‍ය බුද්ධි අංශයේ ත්‍රිකුණාමලය කාර්යාලයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය වටලා එම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.